LPL ශූරතාවය යාපනය ට

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

ඒ ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමිනි.

තරගයේ කාසියේ වාසිය චරිත් අසලංක දිනාගත් අතර පළමුව පන්දුවට පහරදීමට ඔහු ගෝල් කණ්ඩායම ට ආරාධනා කළේය.

ඒ අනුව ගෝල් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 184ක් රැස්කළේය.

ලකුණු 185ක ඉලක්කයක් හඹා යෑම ඇරඹූ ජැෆ්නා කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවට ම දැවී ගියේය.

ඒ පැතුම් නිස්සංක ය.

නමුත් අනතුරුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සහ රයිලි රූසෝ ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන ගියහ.

ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 185ක් එක්කළ අතර එය එල්පීඑල් වාර්තාවකි.

රූසෝ නොදැවී ලකුණු 106යි. මෙන්ඩිස් නොදැවී ලකුණු 72යි.

ඒ අනූව එල්පීඑල් ශූරතාවය සිව් වැනි වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *