වැස්ස ගැන අලුත්ම කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවය.

එසේම උතුරු-මැද පළාතේත් මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවිය හැකි බව එහි දැක්වෙයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *