විදුලි ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා සිට අඩු කරන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
විදුලි ගාස්තු අඩු කිරීමේදී විදුලි ඒකකයක මිල අඩුවන ආකාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළේය.
ඒ අනුව විදුලි ඒකක 0 -30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට රුපියල් 6 දක්වා ද, ඒකක 31 සිට 60 දක්වා එකකයක මිල රුපියල් 20 සිට රුපියල් 9 දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා ද, ඒකක 91- 180 දක්වා ඒකකයක මිල රුපියල් 50 සිට 30 දක්වා ද, අඩුකරන බව ඇමැති කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධ යෝජනාව හෙට හෝ සදුදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.