අයහපත් කාලගුණයේ බලපෑමෙන් රට පුරා විදුලිය බිඳවැටීම් 35,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් අනාරක්ෂිත තත්වය හේතුවෙන් කොස්ගම, සීතාවක සහ මාලිම්බඩ යන ප්‍රදේශ තුනේ පමණක් විදුලි විසන්ධි කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
එම විදුලිය විසන්ධිවීම් 35,000 ක සංඛ්‍යාව පසුගිය සෙනසුරාදා අළුයම 2.00 සිට ඊයේ (3) පෙරවරුව දක්වා වාර්තා වූ බව කී එම මණ්ඩලය මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ දෙණියාය ඇතුළු ප්‍රදේශ කීපයක විදුලි සැපයුම විසන්ධි කර නඩත්තු කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
එම ප්‍රදේශවල නඩත්තු කටයුතු අවසන් කළ වාහාම සැපයුම යථා තත්වයට පත්කරන බවත් ඇතැම් ස්ථානවල අඩි කීපයක් වතුර පැවතීම නිසා නඩත්තු කටයුතු සඳහා ළගාවිය නොහැකි වී ඇති බවත් එම මණ්ඩලය පැවසීය.
ගස් කඩාවැටීම් ආදි ආපදාවන් හේතුවෙන් විදුලිබල මණ්ඩලය සතු දේපළවලට හානි වී තිබුණ ද මේ දක්වා ඒවායේ වටිනාකම තක්සේරු කර නොමැති බව ද එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.