ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් ආර්ථික ඝාතකයෙකු ලෙස හැඳින්වීමට තමන් කිසිවිටක අදහස් නොකළ බව පවසමින් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ තමා එලොන් මස්ක් වෙත සිය කණගාටුව ප්‍රකාශ කරන බවයි.
ව්‍යාපාරික සංසදයක් අමතමින් හදුන්නෙත්ති කියා සිටියේ ආර්ථික හිංසනයන් ගැන තමාගේ සඳහන පසුගිය රනිල් වික්‍රමසිංහ රජය සමයේ මෙරටට ගෙන ආ ජේම්ස් පැකර් සහ ජෝර්ජ් සෝරෝස් ගැන බවයි.
“මම Elon Musk ගැන කියපු දේවල් වැරදියට උපුටා දක්වා තිබුණා. Elon Miskව ආර්ථික ඝාතකයෙක් කියන්න මම අදහස් කළේ නැහැ.
මම පැහැදිලි කළේ ශ්‍රී ලංකාවේ අස්ථාවරත්වය, ආර්ථිකයට දේශපාලන මැදිහත්වීම්, විනය නොමැතිකම සහ අවනීතිය නිසා ලෝක ප්‍රසිද්ධ ආයෝජකයින් කිසිදා ලංකාවට නොඑන බවයි. ආර්ථික ඝාතකයින් ගැන මගේ සඳහන වූයේ එලොන් මස්ක්ට නොව ජේම්ස් පැකර් සහ ජෝර්ජ් සෝරෝස් වෙතය. අපි ඔවුන්ව හඳුන්වන්නේ අවංක ව්‍යවසායකයින් ලෙස නොව ආර්ථික ඝාතකයන් ලෙසයි.
මම කවදාවත් Elon Musk ආර්ථික ඝාතකයෙක් කියන්න අදහස් කළේ නැහැ. Elon Musk හට මම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා, මොකද මම කවදාවත් ඔහුව ආර්ථික ඝාතකයෙක් ලෙස හඳුන්වන්න හිතුවේ නැහැ,” හදුන්නෙත්ති පැවසීය.