රේගුවට කෝටි 647ක් වැය කර ගත්තු යන්ත්‍රය සුදු අලියෙක්

ශ්‍රී ලංකාවේ රේගුවට  රුපියල් කෝටි 647ක් පමණ වැය කර මිලදී ගත් පරිලෝකන පද්ධතිය ඵලදායිත්වයෙන් අඩු ඉතා   දුර්වල එකක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම  වාර්තාවක(2024)  සඳහන් වේ.

මෙම පද්ධතිය මිලදී ගැනීම සඳහා වැය කර ඇති මුදල 2021 සහ  2022 වර්ෂ වලදී රේගුවේ   ත්‍යාග අරමුදලට මාරු කරන ලද මුළු ත්‍යාග මුදලට සමාන බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම පද්ධතියෙන් හැකියාව ලැබී තිබුණේ දිනකට වරායෙන් මුදා හරින බහාලුම් වලින් පහෙන් එකක් පමණ වූ අඩු ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට පමණක් බව සඳහන් කරන වාර්තාව  තොග වශයෙන් ආනයනය කරන භාණ්ඩයන්හි පරිලෝකන රූප තද අඳුරු පැහැයකින් යුක්ත වීම දියර වර්ග ඇතුළත්  බහාලුම් පරි ලෝකනයෙන් ඵලදායි විශ්ලේෂණයක් කිරීම අපහසුවීම සහ ඉතා ඉහළ ඝනත්වයෙන් යුක්ත ටයිල් ග්‍රැනයිට්   යකඩ යනාදී භාණ්ඩ අතර සඟවා ගෙන එන  දෑ හඳුනා ගැනීම අපහසු වීම ආදී දුර්වලතා මෙම පද්ධතියේ නිරීක්ෂණය වූ බව ප්‍රකාශ කරයි.

පරිලෝකන පද්ධතියේ කාර්යක්ෂමතාව අඩුවීම අපනයනකරුවන් අතර වැරදි කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීමට හේතුවී ඇතැයිද  වාර්තාව සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ අරමුදල් පිළිබඳ 2024  විශේෂ විගණන වාර්තාවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *