හොරෙන් ගෙනා කෝටි 60ක වාහන බාර දෙන්නැයි නියෝග

රුපියල් මිලියන 300 ක රේගු බදු රටට අහිමි කරමින් හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ දත්ත මකා දමා අනීතිකව ලියාපදිංචි කළ කෝටි 60කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජිප් රථ හයක් අල්ලස් කොමිසමට වහාම භාර දෙන්නැයි වාහන හිමිකරුවන්ට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණගමගේ මහතා  දන්වා සිටියේය.

අල්ලස් කොමිසම පැමිණිලි හයක් ගොනුකරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ අතර ලබන හත්වැනි දිනට පෙර ප්‍රශ්නගත වාහන  අල්ලස් කොමිසමට ගෙනවිත් භාර දිය යුතු බවද එම නියෝගයේ සඳහන් වේ.

මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථ තුනක් සහ ලෑන්ඩ්කෲසර් ජීප් රථ  තුනක් මෙසේ භාරදීමට නියෝග කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *