’’ජනපතිවරණය රනිල් පරදින නිසා රංගේ ලවා යෝජනා ගේනවා’’ – මන්ත්‍රී විජිත හේරත්

පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ කාලය දික් කර ගැනීම සඳහා වෙනම ජනමත විචරණයක් නොපවත්වා ව්‍යවස්ථාවට අනුකුලම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එම කාලය  දීර්ඝ කරගත හැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ඉදිරිපත් කළ  යෝජනාවේ හඬ කාගේදැයි අමුතුවෙන් විමසා බැලිය යුතු  නොවන බව පැවසූ ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි නිසා මෙවැනි යෝජනා ගෙන එන බව සිතාගත හැකියැයිද කිය.

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය වසර දෙකකට  දීර්ඝ කර ගැනීම සඳහා ජනමත විචාරණයක්  පැවැත්වීම සඳහා වූ එම යෝජනාව  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එය ස්ථිර කිරීමට කෙනෙකු නැති බව වත්මන් පාර්ලිමේන්තු තුළින් පෙනෙන බවද හෙතෙම කීය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *