’’උද්ඝෝෂණය කරන්නේ කීයක් හරි හොයාගන්න’’ – ප්‍රසන්න රණතුංග

උද්ඝෝෂණය කරන ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට අවශ්‍ය වී ඇත්තේ රට අරාජික කිරීමට බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

උද්ඝෝෂණය කරන අය ඒවා කරන්නේ කීයක් හෝ සොයා ගැනීමට බවද අමාත්‍යවරයා කීය.

“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන්  පොදුජන පෙරමුණේ  කාර්යාලය ඉදිරිපිට සිවිල් සංවිධාන නියෝජිතයන් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අවස්ථාවේදී එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

“පස් හය දෙනෙක් කෑ ගැහුවට රටේ බහුතර මතය එය නොවේ. ආණ්ඩුව රටේ මිනිස්සුන්ට ස්ථාවරයක් හදලා තියෙන බවට ජනතාව පිළිගන්නවා. අද කෑ ගහපු එක්කෙනෙක් හරි පොහොට්ටුවට ඡන්දය දුන්න මිනිස්සු ඉන්නවද?ඔය එක එක්කෙනාගේ ගොට්ටො.ඔවුන්ට කෑ ගහන්න අයිතියක් තියෙනවා යැයි ද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *