පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත.
ඔවුන් මෙසේ පැමිණිලි කර ඇත්තේ පසුගිය 10 වැනිදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදීය. අයකරන මුදලට හෝ සරිලන කෑම අනුභව කළ හැකි ආහාර වේලක් දෙන ලෙසට මන්ත්‍රීවරුන් එහිදී වැඩිදුරටත් ඉල්ලා ඇත.
මෙහිදී කතානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් අයකරන මුදලට සරිලන හොඳ කෑම වේලක් දෙන ලෙස පාර්ලිමේන්තු භෝජනාගාර අංශයේ ප්‍රධානියාට නියෝග කර ඇත.
මේ අතර මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාර අංශයෙන් කාලයක සිට ආහාර ගැනීමෙන් වැළකී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර ආහාර හා පාන සඳහා පාර්ලිමේන්තුව වාර්ෂිකව රුපියල් කෝටි දොළහක පමණ මුදලක් වැය කරන බව පාර්ලිමේන්තු මූල්‍ය නිලධාරීන් ගණන් බලා ඇත. මින් වැඩි මුදලක් වැය කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ආහාර වේල් සඳහා යැයි පැවසේ.