මැතිව්ස්ට වුණා වගේම දෙයක් අදත් වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ එංගලන්තය අතර තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබේ.

තරගයේ 35 වන පන්දුවාරයේදී Moeen Aliගේ දැවී යාමත් සමග පිටියට පිවිසි Woakesට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව මෙලෙස අවධානය යොමුව ඇත.

එහිදී ඔහු මීළඟ පිතිකරු ලෙස පිටියට පිවිසියද ඔහුගේ හිස් ආවරණයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් පන්දුවට පහරදීමට කාලය ගතවිය.

ඒ අතරතුර ඔහු කඩිනමින් විනිසුරු වෙත ගොස් සිනාමුසු මුහුණින් යුතුව එම සිදුවීම විස්තර කරන අයුරු මෙලෙස සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් තිබේ.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන නෙදර්ලන්ත කණ්ඩායම ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කරන ලෙස ඉල්ලීම් නොකිරීමත් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්ව ඇත.

ඒ පසුගියදා බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී හිස් ආවරණයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මැතිව්ස් පන්දුවට පහරදීමට ප්‍රමාද වූ බව පවසා ශකීබ් කළ ඉල්ලීමකට අනුව විනිසුරුවරුන් ඔහුව දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කිරීමේ සිදුවීමත් සමග මෙලෙස මෙම සිදුවීම වෙතද බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් එම අවස්ථාවේ ඡායාරූප හුවමාරු කර ඇත්තේ “බයවෙන්න එපා උන් බංගලි වගේ නොවෙයි” යනුවෙන් සඳහන් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *