නුවරඑළිය – තලවාකැලේ මාර්ගයේ රදැල්ල – නානුඔය කෙටි මාර්ගය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව නානුඔය පොලීසිය පවසයි.
ජීවිත හත් දෙනෙකුට මරු කැඳවමින් ඊයේ සිදුවූ රිය අනතුරෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔවුන් ප්රකාශ කළා.
විකල්ප මාර්ගය ලෙස ඩෙස්ෆර්ඩ් හරහා මාර්ගය භාවිත කරන ලෙස රියදුරන්ට උපදෙස් දෙනු ලැබේ.