තරුණ මවක් ව අභිරහස් ලෙස ඝාතනය කෙරේ

තරුණ, දෙදරු මවක් ව අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව සූරියවැව පොලිසිය පවසයි.

සූරියවැව, මහපැලැස්ස ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11.30ට එම ඝාතනය සිදුකර පොලීසිය පැවසීය.

පුරුෂයාගෙන් කලක පෙර වෙන්ව තම පුතෙක් සමග නිවසේ වාසය කර ඇති ඇය වෙනත් අයෙක් සමගද අනියම් සම්බන්ධයක් තිබූ බවටද පොලීසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබේ.

මේ වනවිට එම පුද්ගලයාව සූරියවැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඇඹිලිපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් නිරෝෂන් ගමගේ මහතා විසින් සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *