සිතුල්පව්වේ නිදන් හෑරූ තිදෙනෙක් අත්අඩංගුවට

සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ හාරා නිධන් වස්තු ලබාගත් තිදෙනෙක්ව හමුදා කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ  රාත්‍රී එම සිදුවීම වාර්තා විය.

අප වාර්තාකරු පැවසුවේ, කිසියම් පිරිසක් අදාළ ස්ථානයේ සිටිනු දුටු සිතුල්පව්ව රජමහා විහාරයේ ආරක්ෂාවට අනුයුක්ත කර ඇති හමුදා නිලධාරියෙක් තවත් කණ්ඩායමක් සමග එම ස්ථානයට ගොස් එම පුද්ගලයින් තිදෙනාව තම භාරයට ගෙන ඇති බවය.

එහිදී තවත් සැකකරුවන් කිහිපදෙනෙකු පැනගොස් තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ පුද්ගලයින් බවට හඳුනාගෙන තිබේ.

මෙම අපරාධකරුවන් දාගැබේ ගර්භය බිඳ එම කොටස නැවත ප්ලාස්ටර් පැරිස් යොදා වසාදමා නික්මයෑමට උත්සාහගත් අවස්ථාව්දී යුද හමුදා නිලධාරීන් විසින් ඔවුන්ව සිය භාරයට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *