තවත් බැඳුම්කර නඬුවකට දින නියම විය

2016 වසරේ මාර්තු මස සිදුවූ බැඳුම්කර වෙන්දේසියක දී රජයට රුපියල් බිලියන 36කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් යළි විභාගය සඳහා ජූලි මස 20 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දින නියමකර තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව එම නඩු විභාගය කල්දමා තිබුණි.

ඉන් අනතුරුව මෙම නඩුව විභාගකිරීම සඳහා ජුලි මස 20 වනදා කැඳවන ලෙස දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *