අවුරුදු 14ක දැරියක් ගසක් උඩ පැලක් මත ෆේස්බුක් පෙම්වතා සමග!

පෑන් දෙකක් රැගෙන ඒමට කඬේට යන බව පවසා නිවසින් එළියට පැමිණි බාල වයස්කාර තරුණිය ඇගේ ඉල්ලීම පරිදි තම නිවස අසලට පැමිණි සැකකරු සමග පලාගොස් ඇත.

සැකකරු හා බාලවයස්කාරිය අතර මුහුණ පොත හරහා වසර එක හමාරක පමණ කාලයක සිට පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව වාර්තාවේ.

14 හැවිරිදි සිය දියණිය පසුගිය 08 දා සිට නිවසින් අතුරුදන් වී ඇති බවට දැරියගේ පියා විසින් ලූණුගම්වෙහෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,

සැකකරු ප‍්‍රදේශයේ පිහිටි වගාබිමක ගසක් උඩ ඉදිකර තිබූ පැලක සිටියදී පෙරේදා අත්අඩංගුවට ගෙන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

බාලවයස්කාර දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අතවර කළ නිසා අම්බලන්තොට තරුණයා ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය පෙරේදා (10 දා) නියෝග කළ අතර බාලවයස්කාර දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කලාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *