රියැදුරකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිද්ධියක් හේතුවෙන් ඊයේ (10) සිට බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කටයුතු කර තිබේ.
අදාළ රියැදුරාට වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමගම සෞඛ්‍ය අංශ විසින් ඔහුව ප‍්‍රතිකාර සදහා යොමු කර ඇති අතර, රියැදුරාගේ ආශි‍්‍රතයන් වූ තවත් රියැදුරන් පනස් දෙනකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.
කාර්යාංශයේ නිලධාරියෙක් පවසා සිටියේ පවතින තත්වය මත විදේශ සේවා කාර්යාංශය වසා දැමුවද දුරකතන අංක 0112880500 ඔස්සේ පැය විසිහතර පුරාම අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවයි.