ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම්දී අද (18) දිනට වසරක් සම්පූර්ණ වේ.
පසුගිය වසරේ නොවැම්බර් මස 16 දින පැවැති ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් තරග කරමින් ඡන්ද 6,924,255ක් ලබාගත්තේය. ඉන් අනතුරුව රාජපක්ෂ මහතා ඵෙතිහාසික අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ මළුවේදී විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ 2019 නොවැම්බර් මස 18 දිනයි.
රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන වර්ෂ පූර්ණය වෙනුවෙන් සැමරුම් උත්සව කිසිවක් නොපැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. රටේ පවතින තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් රජයේ ඉදිරි ක්රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් මෙරට ජනතාව දැනුවත් කිරීමට ජනාධිපතිවරයා විසින් අද රාත්රියේ ජාතිය ඇමතීමට නියමිතයි.