කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා මේ වන විට දිනකට සිදු කරන 5000 කට ආසන්න PCR පරීක්ෂණ සංඛ්‍යාව 8000 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම ක්‍රියාවලියට අවශ්‍ය පරීක්ෂණ යන්ත්‍ර සහ උපකරණ සපයා ගැනීමේ ක්‍රමවේදය ගැන ද සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස් විමසා ඇති ජනාධිපතිවරයා කොවිඩ් ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගත යුතු යැයිද අවධාරණය කර තිබේ.
ඒ අනුව දෛනිකව සිදුකරන පීසීආර් පරීක්ෂණ ගණන 8000 ක් දක්වා වැඩි කිරීමටත්, කොරෝනා ආසාධිතයින් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදෙන රෝහල් ගණන 21 ක් දක්වා ඉහළ දැමීමටත් රජය තීරණය කර තිබෙනවා.