Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පැය 12ක් ඇතුළත සැකකරුවන් 1280ක් අත්අඩංගුවට

Criminal in handcuffs
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඊයේ (06) උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී වරෙන්තු සැකකරුවන් 519 දෙනෙක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 73ක් හා දූෂණ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 637ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සදහන් කරයි.

මේ අතර සිදුකර ඇති හෙරොයින් වැටලීම් අතර, බොරලැස්ගමුවේ දී හෙරොයින් ග්‍රෑම් 63යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

තවද අඟුලාන පොලීසිය විසින් හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 180ක් සමග සැකකරුවෙක් හා ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 740ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ අදහස