අද (22) සිට මාස 6 ක කාලයක් ක්‍රියාත්මක වන ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසක බදු ඉහළ දමා තිබේ. ඒ අනුව අර්තාපල්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, මිරිස් කුඩු නොකළ කිලෝග්‍රෑමයක් සඳහා රු. 100ක්, කුඩු කළ කිලෝග්‍රෑමයක් සඳහා රු. 125ක්, මයිසුර් පරිප්පු කිලෝවක් සඳහා රු. 5-10ත් අතරද, සැමන් කිලෝවක් සඳහා රු.100ක් ලෙසද බදු පනවා ඇත.
මීට අමතරව , ඇපල් කිලෝවක් සඳහා රු. 100, මිදී කිලෝවක් සඳහා රු.125ක්, රට ඉඳි කිලෝවක් සඳහා රු.100ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක් ලෙසටත් බදු පනවා ඇත.
ඒ පිලිබඳ විස්තරාත්මක ලැයිස්තුව පහතින් දැක්වේ.