නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග අඩපණ වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්රයන්හි වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවයි.
සිනමා හා ටෙලිනාට්‍ය කර්මාන්තයට අයත් පෙර නිෂ්පාදන, නිෂ්පාදන, රූගත කිරීම්, වේෂ නිරූපණ, සංස්කරණ මෙන්ම ආහාර පාන හා ප්‍රවාහන පහසුකම් සැපයීම ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.