Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මව්බිම වෙනුවෙන් දිවි පිදූ හා අනේකවිධ පරිත්‍යාග කළ වීරෝධාර රණවිරුවන්ට ජනපති සිය ප්‍රණාමය පුද කරයි

Sri Lanka's new president Gotabaya Rajapaksa (C) gestures after addressing the nation during his swearing-in ceremony at the Ruwanwelisaya temple in Anuradhapura on November 18, 2019. - Sri Lanka's new president Gotabaya Rajapaksa was sworn in November 18 at a Buddhist temple revered by his core Sinhalese nationalist supporters, following an election victory that triggered fear and concern among the island's Tamil and Muslim minority communities. (Photo by Lakruwan WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බෙදුම්වාදී ත්‍රස්තවාදය ස්ථිර ලෙස පරාජය කොට රටට සාමයත්, සහජීවනයත් උදා කළ විරෝදාර රණවිරුවනට කෘතඥතාව පුද කෙරෙන රණවිරු දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති තුමා විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්..

“2009 මැයි මස 19 වැනිදා ජයග්‍රහණයෙන් අවසන් වූ සටන විසින් නියෝජනය කෙරෙන, සියලු ජන කොටස්වල බලාපොරොත්තු යථාර්තයක් බවට පත්කිරීමට හැකිවීම රණවිරුවා උදෙසා කළ හැකි මහඟුතම උපහාරයයි. බෙදුම්වාදී ත්‍රස්තවාදයට අත්කර දුන් පරාජය දේශයේ ස්වාධීනත්වය, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අපේක්ෂාවන්ගේ සංකේතයකි. එකී අභිලාෂයන් සාක්ෂාත් කරගත් පරිසරයක මෙවර රණවිරු සැමරුම සලකුණු කිරීමට හැකිවීම ගැන මම අතිශය සතුටට පත්වෙමි.

පසුගිය සමයේ රටේ ඒකීයභාවයට සහ ජාතික ආරක්ෂාවට උද්ගත වූ තර්ජන හමුවේ මව්බිමට ඇළුම් කරන සමස්ත ජනතාවම කම්පාවට සහ වික්ෂිප්තභාවයට පත්ව සිටියහ. ලොව විනයගරුක හමුදාවක් ලෙස කීර්තියට පත් අපේ සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ අභිමානයට සහ ගෞරවයට හානිකර බොහෝ දේ ඒ වකවානුවේදී සිදුවිය. ඉන් සංවේගයට පත් ජනතාවගේ අපේක්ෂාව වූයේ අවනීතිය වෙනුවට නීතියත්, අයුක්තිය වෙනුවට යුක්තියත්, අසාධාරණය වෙනුවට සාධාරණයත් තහවුරු කොට රණවිරුවා කළ කැපකිරීම්වලට ඔවුන්ට නිසි ගෞරවය අත්කර දීමය. මේ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වීමට අපට හැකිවිය.

දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතුය. ශක්තිමත් ජාතික ආර්ථියක් ගොඩනගන අතර රටේ ප්‍රතිලාභය පෙරටු කොට බාහිර ලෝකය සමග බද්ධ වෙමින් ඉලක්ක ජයගත යුතුව තිබේ. කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණිය ද අප කිසිවිටෙකත් පසුබසින්නේ නැත. ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ. රට දෙකඩ වීම නතර කළ රණවිරුවාට සහ ඔවුනට උපරිම සහයෝගය දුන් පුරවැසියාට කළ හැකි ඉහළම ගෞරවය එය බව මම තරයේ අදහමි.

මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සහ අනේකවිධ පරිත්‍යාග කළ රණවිරු ප්‍රජාවට මගේ ප්‍රණාමය පුද කරමි.”

ඔබේ අදහස