Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඉන්දියාවේ හා පාකිස්ථානයේ රැඳි සිටි ලාංකික සිසුන් කණ්ඩායම හෙට මෙරටට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 130 දෙනෙකුගෙන් පමණ යුත් පළමු කණ්ඩායම හෙට (21) දිනයේදී දිවයිනට රැගෙන එන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, ගුවන් තොටුපල අදාළ කටයුතු සඳහා සුදානමින් ඇති බවත් අනතුරුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි මෙම සිසුන් නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත්ය.

ඔබේ අදහස