අද (20) දිනයේ සිට පොදු ප්‍රවාහණ සේවා ආරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බව ගරු මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව අප්‍රේල් 22 දා සිට බස් රථ 5,700ක් හා දුම්රිය ගමන්වාර 400ක් යෙදවීමට කටයුතු කර ඇති අතර මෙම පොදු ප්‍රවාහණ සේවාවන් භාවිතා කළ හැක්කේ සේවා සපයන්නන් සදහා පමණක් බවටත් ඔහු ප්‍රකාශ කරයි.
එමෙන්ම පොදු ප්‍රවාහණ සේවවන් වලට අත් සේදුම්කාරක ද්‍රව්‍ය සපයන අතර බස් රථවල එක් ආසනයක එක් මගියකු ලෙසට ආසන පේළියක සිග්සැග් ක්‍රමයට අසුන් ගත යුතුවේ.
අප්‍රේල් 22 දින දක්වා ඇදිරිනීතිය පවත්නා දිස්ත්‍රික්ක වල පොදු ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක නොකෙරෙන බවටත් අප්‍රේල් 22 සිට අන්තර් පළාත් ප්‍රවාහණ සේවාව අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් යෙදවීම සිදු කරන බවත් ඒ වෙනුවෙන් විශේෂ ටෝකන් පතක් නිකුත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.