මේ අතර හිස තෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රය නිරෝධායන කි‍්‍රයාවලියට බාධාවක් නොවන අයුරින් සිදු කරන්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටී.
අද (15) දිනයේ හිස තෙල් ගෑමේ නැකත යෙදී ඇති නමුත් එම චාරිත්‍රය සමූහයක් ලෙස එකතු වී සිදු කිරීම නිරෝධායන ක්‍රියාවලිය යටතේ එතරම්ම සුදුසු නොවන බවත් එය කොරෝනා ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ ක්‍රියාවලියට බාධාවක් එල්ල විය හැකි බැවින් තම පවුලේ පිරිසට පමණක් සීමා වී එම චාරිත්‍රය ඉටු කිරීම වඩා උචිත බවත් ඔහු පවසයි. එමෙන්ම සමූහයක් ලෙස එකරැස් වී මෙම චාරිත්‍රය සිදු කිරීම නිරෝධායන රෙගුලාසි වලටද පටහැණි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත, නැකැත් සීට්ටුවට අනුව අද (15) පෙරවරු 09.17 ට නැගෙනහිර දිශාව බලා, හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, කොහොඹ පත් මිශ්‍ර නානු ගා ස්නානය කරන ලෙසටයි එහි සදහන් වන්නේ.
එමෙන්ම මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය ගෘහ මූලිකයාගේ ප්‍රධානත්වයෙන් නිවසේදීම සිදුකිරීම වඩාත් උචිත බවත් ජනශ්රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතා ප්‍රකාශ කළ අතර හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකිරීම සඳහා පොල්තෙල් වුවද භාවිත කළ හැකි බවටයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.