හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදහස් පළ කර තිබේ.
ඔහු පවසන්නේ රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම තුළින් පැහැදිලි වන්නේ විපක්ෂය ජනතාව වෙනුවෙන් ඉටුකරන මානුෂීය කටයුතු වලට රජය ඍජුවම බාධා කරන බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුව යළි රැස්කරන ලෙස ඉල්ලා කරනු ලබන ඉල්ලීමට ප්රතිචාර නොදක්වනුයේ ද මෙම සදාචාරසම්පන්න නොවන ක්රියාදාමය නිසා බවයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටින්නේ.