උපයනවිට අයකරන බද්ද යලි අයකර ගැනිමට රජය තීරණය කර ඇති අතර එය අත්තිකාරම් බද්ද නමින් අයකර ගැනිමටයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙහිදී මාසික ආදායම රුපියල් 250,000 හෝ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 30 ක ආදායමක් හිමි පුද්ගලයින් ඊට ඇතුලත් වනු ඇති.
මේ අතර මාසික පොලි ආදායම රුපියල් 250,000 වන තැන්පතු සඳහා රඳවාගැනිමේ බද්ද ද යලි ක්රියාත්මක කිරීමටත් රජය තීරණය කර තිබේ. අදාළ බදු ඉකුත් ජනවාරි පළමුවනදා සිට ඉවත් කිරිමට රජය තීරණය කර තිබුණා.