රට තුල පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්ර වාරිත්ර පවුලේ සාමාජිකයින් පමණක් සහභාගි කරගනිමින් මිරිහානේ පිහිටි සිය නිවසේ සිට සිදුකිරිමට තීරණය කර තිබේ.
මීට පෙර සෑම වසරකදීම ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු චාරිත්ර වාරිත්ර තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදී සිදු කළ අතර රටේ ආරක්ෂක අංශ විසින් පනවා ඇති ඇඳිරි නීතියට ගරු කරමින් මෙවර එතුමාද සිය ගම් ප්රදේශයට නොයෑමට තීරණය කර තිබේ.