කොරෝනා වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05) අත්අඩංගුවට ගත් වාද්දූව ප්‍රදේශයේ කාන්තාව ලබන 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථිරවම කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් ඇය සිය මුහුණු පොතේ සටහනක් නිර්මාණය කර පලකර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පෞද්ගලික නර්තන ආයතනයක අධ්‍යක්ෂිකාවක වන වාද්දුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක කාන්තාවක් බවට වාර්තා වේ.