රට තුළ දැනට උද්ගතව ඇති තත්වය හමුවේ ව්‍යවස්ථාව ප්‍රකාරව මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇති බැවින් එයට විසදුමක් ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බලන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් කොමිෂන් සභාව මේ බව දැනුම් දී තිබේ.