කොරෝනා ආසාදනය ව්‍යාප්ත වීම වැලැක්වීමේ තවත් එක් පියවරක් ලෙස මහජනතාව එක්රැස් වන පොදු ස්ථානවලට ස්ථාපනය කළ හැකි විෂබීජානුහරණ කුටියක් නිෂ්පාදනය කිරීමට මෙරට ඉංජිනේරුවන් පිරිසක් සමත්ව ඇත.
පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති වශයෙන් කටයුතු කරන ඉංජිනේරු ජගත් පරාක්රමගේගේ නායකත්වයෙන් කෞෂාල් මාධව, ශාන්ත දික්වැල්ල, අරවින්ද පතිරණගේ යන ඉංජිනේරුවන් එක්ව මෙම නව නිෂ්පාදනය ආරම්භ කර ඇත.
මහජනතාව වැඩිපුර එක්වන කොටුව දුම්රිය ස්ථානය, ප්‍රධාන බස් නැවතුම් පොළ ඇතුළු පොදු ස්ථානවලදී එකවර විශාල පිරිසක් විෂබීජානුහරණයට ලක්කිරීම සඳහා මෙම කුටිය නිෂ්පාදනය කරන්නට ඉංජිනේරුවන් කටයුතු කර තිබේ.
දැනට විෂබීජානුහරණ ස්ප්‍රේ යන්ත්‍ර පොදු ස්ථානවලදී කිරීමට ඇති අපහසුතාම මත මෙම කුටිය නිෂ්පාදනය කිරීමට ඉංජිනේරුවන් සැලසුම් කර ඇත. දින හතරක් තුළ කළ සැලසුමකින් පසුව පළමු විෂබීජානුහරණ කුටිය කොටුව දුම්රිය පොළේ සවි කිරීමට තීරණය කර තිබුණ මුත් හදිසියේම පැනවූ ඇඳිරි නීතිය නිසා එම තීරණය වෙනස් කර කෝට්ටේ නගර සභාවේ පළමු කුටිය ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ ගේ මූල්‍යමය දායකත්වය සැලසූ පුව පළමු කුටිය එහි ස්ථාපිත කිරීමට ඉංජිනේරුවන් සමත් වූහ.