කොරෝනා

බැංකු, මූල්‍ය ආයතනවලින් ලබා දුන් ණය අය කිරිම මාස 6කට නතර කරන්න – ජනපති

රටේ ව්‍යාපාරික කටයුතු වලට විශාල බරක් වී ඇති , බැංකු හා මූල්‍ය ආයතන වලින් දී ඇති ණය අය කිරිම මාස 6කට නතර කිරීමට තමන් අණ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ රාත්‍රියේ (17) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එමෙන්ම ආර්ථිකමය තවත් සහන රැසක් ලබා දීමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. වැඩිදුරත් අදහස් දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ තමන් කෙරේහි ජනතාව තැබු විශ්වාසය පළුදු විමට ඉඩ නොතබන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *