සංචාරක පැමිණීම්වලින් ඉන්දියාව යළි පෙරමුණට

ශ්‍රී ලංකා සංචාරක ඉතිහාසයේ ඔක්තෝබර් මාසයක් තුළ වාර්තා වූ ඉහළම විදේශීය සංචාරක පැමිණීම සටහන් කරමින්, 2026 ඔක්තෝබර් මාසය තුළදී සංචාරකයින් 168,625 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිවේදනය කරයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ 165,193ක පැමිණීමට සාපේක්ෂව මෙය සියයට 2.1ක වර්ධනයකි. එමෙන්ම මීට පෙර ඉහළම වාර්තාව ලෙස පැවති 2018 ඔක්තෝබර් මාසයේ සංචාරක පැමිණීම (153,123) අභිබවා යාමටද මෙවර සමත්ව තිබේ.
වැඩිම පිරිසක් ඉන්දියාවෙන්
මෙම මාසය තුළ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට බවට පත්ව ඇත්තේ අසල්වැසි ඉන්දියාවයි. ඒ අනුව සමස්ත පැමිණීම්වලින් සියයට 37ක් නියෝජනය කරමින් ඉන්දියානු සංචාරකයින් 62,211 දෙනෙකු මෙරටට පැමිණ ඇත.
ප්‍රමුඛතම සංචාරක වෙළෙඳපොළවල් මෙසේය:
එක්සත් රාජධානිය: 12,402
චීනය: 11,190
ඕස්ට්‍රේලියාව: 8,509
ජර්මනිය: 8,027
රුසියාව: 6,750
ප්‍රංශය: 5,042
බංග්ලාදේශය: 4,528
අමෙරිකා එක්සත් ජනපදය: 3,749
මාලදිවයින: 3,492
දෛනික සාමාන්‍යය 5,400 පනී
ඔක්තෝබර් මාසය තුළ දෛනිකව මෙරටට පැමිණි සාමාන්‍ය සංචාරකයින් සංඛ්‍යාව 5,440ක් පමණ වූ අතර, වැඩිම දෛනික පැමිණීම ලෙස ඔක්තෝබර් 17 වැනිදා සංචාරකයින් 7,045 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
එමෙන්ම ඔක්තෝබර් 15 සිට 21 දක්වා වූ සතිය තුළ සංචාරකයින් 42,739 දෙනෙකු මෙරටට පැමිණෙමින් මාසයේ ඉහළම සතිපතා පැමිණීම සටහන් විය. මෙම සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වන්නේ මෙරට සංචාරක කර්මාන්තය අඛණ්ඩ ස්ථාවර වර්ධනයක් කරා ගමන් කරමින් සිටින බවයි.




