Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සංචාරක පැමිණීම්වලින් ඉන්දියාව යළි පෙරමුණට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකා සංචාරක ඉතිහාසයේ ඔක්තෝබර් මාසයක් තුළ වාර්තා වූ ඉහළම විදේශීය සංචාරක පැමිණීම සටහන් කරමින්, 2026 ඔක්තෝබර් මාසය තුළදී සංචාරකයින් 168,625 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිවේදනය කරයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ 165,193ක පැමිණීමට සාපේක්ෂව මෙය සියයට 2.1ක වර්ධනයකි. එමෙන්ම මීට පෙර ඉහළම වාර්තාව ලෙස පැවති 2018 ඔක්තෝබර් මාසයේ සංචාරක පැමිණීම (153,123) අභිබවා යාමටද මෙවර සමත්ව තිබේ.

වැඩිම පිරිසක් ඉන්දියාවෙන්

මෙම මාසය තුළ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට බවට පත්ව ඇත්තේ අසල්වැසි ඉන්දියාවයි. ඒ අනුව සමස්ත පැමිණීම්වලින් සියයට 37ක් නියෝජනය කරමින් ඉන්දියානු සංචාරකයින් 62,211 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

ප්‍රමුඛතම සංචාරක වෙළෙඳපොළවල් මෙසේය:

  • එක්සත් රාජධානිය: 12,402

  • චීනය: 11,190

  • ඕස්ට්‍රේලියාව: 8,509

  • ජර්මනිය: 8,027

  • රුසියාව: 6,750

  • ප්‍රංශය: 5,042

  • බංග්ලාදේශය: 4,528

  • අමෙරිකා එක්සත් ජනපදය: 3,749

  • මාලදිවයින: 3,492

දෛනික සාමාන්‍යය 5,400 පනී

ඔක්තෝබර් මාසය තුළ දෛනිකව මෙරටට පැමිණි සාමාන්‍ය සංචාරකයින් සංඛ්‍යාව 5,440ක් පමණ වූ අතර, වැඩිම දෛනික පැමිණීම ලෙස ඔක්තෝබර් 17 වැනිදා සංචාරකයින් 7,045 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

එමෙන්ම ඔක්තෝබර් 15 සිට 21 දක්වා වූ සතිය තුළ සංචාරකයින් 42,739 දෙනෙකු මෙරටට පැමිණෙමින් මාසයේ ඉහළම සතිපතා පැමිණීම සටහන් විය. මෙම සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වන්නේ මෙරට සංචාරක කර්මාන්තය අඛණ්ඩ ස්ථාවර වර්ධනයක් කරා ගමන් කරමින් සිටින බවයි.

ඔබේ අදහස