ජනාධිපති නිල නිවාසවල බාහිර පුද්ගලයන් නවාතැන් ගත් බවට ඇතැම් මාධ්‍ය ආයතන විසින් පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
2025 වසර තුළ දිවයින පුරා පිහිටි ජනාධිපති නිල නිවාසවල පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගත් බවට පළ වී ඇති ප්‍රකාශය නිවැරදි නොවන බව එම නිවේදනයේ සඳහන් වේ.
2025 වසර තුළ විවිධ අවස්ථාවලදී ආරක්ෂක අංශ, ජනාධිපති මාධ්‍ය අංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට රාජකාරිමය අවශ්‍යතා සඳහා තාවකාලික නවාතැන් පහසුකම් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එම නිලධාරීන් කිසිවෙකුත් ජනාධිපති නිල නිවාස තුළ නවාතැන් ගෙන නොමැති බවත්, ඔවුන් රැඳී සිට ඇත්තේ අදාළ නිල නිවාස පරිශ්‍රයන් තුළ පිහිටි වෙනම ගොඩනැගිලිවල පමණක් බවත් එම නිවේදනයේ දැක්වේ.
ජනාධිපති මාධ්‍ය අංශය
25.07.2026


