2023 වසර සඳහා රාජ්‍ය ආයතනවල අයවැය ප්‍රතිපාදන කපා හැරීමට චක්‍රලේඛය නිකුත් කරයි.

2023 වසර සඳහා වන අයවැය ප්‍රතිපාදනවලින් අවම වශයෙන් 6% ක ප්‍රතිශතයක් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අදාළ චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා ප්‍රධානීන්, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් වෙත නිකුත් කර ඇත.

මේ වසරේ ඇස්තමේන්තුගත දළ රාජ්‍ය ආදායම එකතු කර ගැනීමේ දී මතුව ඇති දැඩි දුෂ්කරතා හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල අවම කර ගැනීම සඳහා රජයේ වියදම් වඩාත් අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ අනවශ්‍ය වියදම් හැකිතාක් අවම කිරීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. .

වියදම් අවම කර ගැනීම සඳහා හඳුනාගත් ක්‍රමවේදයන් ඇතුළත් සංශෝධිත වියදම් ඇස්තමේන්තු පෙබරවාරි 28 වැනිදාට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බව ද මෙම චක්‍රලේඛයෙන් දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *