ශ්රී ලංකා රේගුවට අනුව, රේගු මත්ද්රව්ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
වියට්නාම් ගුවන් සේවයට අයත් VN671 දරන ගුවන් යානයෙන් ශ්රී ලංකාවට පැමිණි මෙම මගියා, ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ හරිත පිටවීමේ නාලිකාව (Green Channel) ඔස්සේ පිටවීමට උත්සාහ කර තිබේ. එහිදී ඔහුගේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය කළ රේගු නිලධාරීන් ඔහු පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු රඳවාගෙන ඔහුගේ ගමන් මලු ස්කෑන් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී සැකකටයුතු ද්රව්ය හඳුනාගැනීමෙන් පසු රේගු නිලධාරීන් ගමන් මලු පරීක්ෂා කර ඇති අතර, එහි තිබී මත්ද්රව්ය බවට සැක කෙරෙන ද්රව්ය අඩංගු මුද්රා තැබූ පොලිතින් පැකට් කිහිපයක් සොයාගෙන ඇත.
වැඩිදුර පරීක්ෂාවේදී එම පැකට් තුළ කුෂ් ගංජා කිලෝග්රෑම් 5.1ක් තිබූ බව තහවුරු වී ඇති අතර, එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 51 ඉක්මවන බව ඇස්තමේන්තු කර තිබේ.
මූලික විමර්ශනවලින් අනතුරුව සැකකරු, අත්අඩංගුවට ගත් මත්ද්රව්ය සහ අනෙකුත් සාක්ෂි වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ශ්රී ලංකා රේගුව විසින් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී ඇත.


