හුදෙකලා කිරීම් පිළිබඳව නවතම නිවේදනය

තවත් කොරෝනා ආසාදිතයින් 2,131 නෙකු වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී  යුද හමුදාපති ජෙනරාල් ශවේනද්‍ර සිල්වා පැවසුවේ ඒ අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවය.

මේ අතර අද උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02ක ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර අද උදෑසන සිට හුදකලා කර තිබේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසම ද අද උදෑසන සිට හුදකලා කළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *