සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.

මෙරට ජනතාව මුහුණ දෙමින් සිටින පීඩිත තත්වයන් හමුවේ තවදුරටත් ඔවුන් වෙත පීඩනය එල්ල කරමින් සහල් මිළ ඉහළ දැමීමට සහල් නිෂ්පාදනකරුවන් හා වෙළෙඳුන් විසින් කටයුතු කිරීම හේතුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි වෙළද අමාත්‍යංශය සඳහන් කළේ.

අසාමාන්‍ය ලෙස මිළ ඉහළ නැංවීම සඳහා වී තොග හා සහල් තොග සඟවා වෙළදපොල තුළ දිගින් දිගටම කෘතිම සහල් හිඟයක් ඇති කිරීමට ඇතැම් සහල් නිෂ්පාදකයින් සහ වෙළදුන් කටයුතු කිරීම මෙම තීරණයට එළඹීමට හේතු වූ බවද වෙළද අමාත්‍යංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *