හදිසි නීතිය පැනෙව්වේ කාර්යක්ෂමව රට ගොඩනගන්න

ආපදාව කළමනාකරණය කර ගැනීම සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීමට ඉවහල් කර ගන්නවා හැරණු කොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් හදිසි නීතිය උපයෝගී කර ගන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.

“අපි මේ වන විට මේ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් වේගවත්, කාර්යක්ෂම යළි ගොඩනැගීමක් සඳහා අවශ්‍ය නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාව වෙනුවෙන් හදිසි නීතිය පනවා තිබෙනවා. මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමතියි.

මෙම හදිසි නීතියට අනුකූල වන පරිදි මේ වන විටත් අපි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කර තිබෙනවා. සියලු සේවාවන් අපි එක් තැනකට කේන්ද්‍ර ගත කොට තිබෙනවා. ඕනෑම අන්ධකාරයක ආලෝකය ඇති බව අප විශ්වාස කරනවා. මේ අඳුරු දිනයන් පහව යන බවත් අප විශ්වාස කරනවා. ඒ නිසා අපි ඒකාවන්ව නැගී සිටිමු. මේ කදුළු සළන පාරාදීසය සුවපත් කරමු. දීප්තිමත් දිවයිනක් ගොඩනගමු යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *