සොර කල්ලියක් යාපනයෙන්

කෝපායි පොලිස් ස්ථානයට වාර්තා වු සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් 5දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ උදෑසන 10.15ට පමණ කෝපායි පොලිස් වසමේ දී රුපියල් 985,000ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව රන්භාණ්ඩ ලබාදුන් තවත් සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු රන් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතිරි රන් භාණ්ඩ උකස් ආයතන වෙත උකස් කර තිබිය දී සොයා ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අවුරුදු 21, 24, 25, 33, 35 හා 41 ය වයස්වල පසුවන කොණ්ඩාවිල් සහ උරුම්බිරායි ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් සහ සැකකාරියන් අද යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *