සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 892ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ ගණන 892ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදනය වී රෝහල් ගත කළ නාවික ආසාදිතයින්ගේ ප්‍රමාණය 905ක් වන අතර, මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 13 දෙනෙකු පමණි.

කෙසේ වෙතත් සුවය ලැබූ සියළු නාවික සාමාජිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *