ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවන පොළී අනුපාතයේ කිසිදු වෙනසක් නෑ – අගමැති

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ පොලී අනුපාතයේ කිසිදු සංශෝධනයක් සිදුකර නැති බවත්, ක්‍රියාත්මක්ව තිබූ පොලී අනුපාතය ඉදිරියටත් ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

ඊයේ (06) වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල නගරයේදී තවත් ජන හමුවකටද එකවූ අතර එහිදි අග්‍රාමත්‍ය වරයා පවසා සිටියේ ජනාධිපති සහ අගමැති එකම පක්ෂය සිටිය යුතු බවත් එසේ නොමැති වුවහොත් රට පාලනය කිරීමට අසීරුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *