සුප් දන්සල අසලදී 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය කරයි.

ඇහැලියගොඩ, පන්නිල ප්‍රදේශයේ දන්සලක් අසලදී 3 සවස පිහි ඇනුමකින් 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් විසින් සංවිධානය කර තිබූ සුප් දන්සලක් අසලදී මෙම සිද්ධිය සිදුව තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මුදල් පසුම්බියේ තිබූ මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකරු සහ සැකකරු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඝාතනය දක්වා ඇති බව පොලිසිය පවසයි.

සැකකරු හඳුනාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *