සිරිපා වන්දනා කිරීමට උඩමළුවට පැමිණිය හැක්කේ වරකට 200යි

ශ්‍රී පාද වන්දනා සමය මෙමස 29 වැනිදාට යෙදෙන උදුවප් පොහොය දිනයෙන් ඇරැඹෙන අතර, එසේ වන්දනා කිරීමට පැමිණීමේදී එක් වරකට උඩමළුවේ රැදී සිටීමට හැකි බැතිමතුන් සංඛ්‍යාව 200 කට සීමාකර ඇති බව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් පැවැසීය.

පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව රැගත් රිය පෙරහැර ලබන 28 වැනිදා පෙරවරුවේදී ශ්‍රී පලාබද්දල මාර්ගය, හැටන් නල්ලතන්නිය මාර්ගය, බලංගොඩ මාර්ගය, කුරුවිට මාර්ගය ඔස්සේ වැඩම කර උඳුවප් පොහොය දිනයේදී ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කිරීමට නියමිතව තිබේ.

රට තුළ පවතින කොවිඩ් වෛරස් තත්වය මත ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ලියාපදිංචි වියයුතු අතර, තමන් නිරෝධායනයට ලක් නොවූ අයෙකු බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් ලිපියක් රැගෙන ඒමද අනිවාර්ය වේ.

ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කිරීමේ කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට මෙවර කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *