දේශීය නිමි ඇඳුම් කර්මාන්තය නැංවීමට ආනයනික ඇඳුම්වලට විශාල බද්දක්

ලබන අප්‍රේල් මස 01 වනදා සිට ආනයනික නිමි ඇදුම් සඳහා බදු මුදලක් අය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කරන බව දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ඔහු පවසන්නේ ලබන අප්‍රේල් මස පළමුවෙනිදා සිට ආනයනය කරන නිමි ඇඳුම් සඳහා විශේෂ බද්දක් හඳුන්වා දෙන බවත්, දේශීය නිමි ඇඳුම් ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගැනීම එහි අරමුණ බවත්ය. එමෙන්ම තත්ත්වයෙන් බාල නිමි ඇඳුම් ලංකාවට ගෙනඒම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවත්, රුපියල් 200 මිලකට ඇති ආනයනික නිමි ඇඳුමක මිල රුපියල් 450 දක්වා වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *