සැහැල්ලු පුහුණු ගුවන් යානයක් පයාගල වෙරළට හදිසියේ ගොඩබස්වයි

පෞද්ගලික සමාගමකට අයත් සැහැල්ලු පුහුණු ගුවන් යානයක් කළුතර දිස්ත්‍රික්කයේ පයාගල මුහුදු තීරයට අද හදිසි ගොඩබෑමක් සිදු කළා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන්ත විජේසිංහ මහතා පැවසුවේ මෙම යානය රත්මලාන ගුවන් තොටුපළේ සිට ක්‍රියාත්මක වන පෞද්ගලික සමාගමකට අයත් එකක් බවයි.

සැහැල්ලු පුහුණු ගුවන් යානය එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑමක් සිදු කළ බව ඔහු පැවසීය. සිද්ධිය වන අවස්ථාවේ ගුවන් යානයේ උපදේශක නියමුවෙකු සහ අභ්‍යාසලාභී සිසුවෙකු සිට ඇත.

ගුවන් හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බව පැවසූ ගෲප් කපිතාන් විජේසිංහ කියා සිටියේ උපදේශක නියමුවාට සහ අභ්‍යාසලාභී සිසුවාට තුවාල සිදුවී නොමැති බව තහවුරු වී ඇති බවයි.

සැහැල්ලු පුහුණු ගුවන් යානය හිමි පෞද්ගලික සමාගමේ තාක්ෂණික කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ යානය ගොඩගැනීමේ කටයුතුවල නිරත වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *