සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශ ණය පියවීමට සැලසුම්.

ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබා ගත් ඩොලර් මිලියන 200 ක ණය මුදල මේ වසරේදී පියවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බ්‍රහස්පතින්දා (ජුනි 01) පැවසීය.

මහ බැංකු අධිපතිවරයාට අනුව ශ්‍රී ලංකාව බංගලිදේශයෙන් ලබා ගත් ණය මුදල අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේදී පියවීමට බලාපොරොත්තු වේ.

2023 අප්‍රේල් මාසයේදී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාව ලබා දුන් ඩොලර් මිලියන 200 ක ණය ආපසු ගෙවීමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කළේය.

මේ වසරේ මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 200 ක ණය මුදලේ පළමු වාරිකය ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව බංග්ලාදේශයෙන් කල් ඉල්ලා සිටීමෙන් පසුව, ඒ වන විට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම දිගුව ලබා දී ඇත.

වොෂින්ටනයේ පැවති ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 2023 වසන්ත රැස්වීම් අමතමින් බංග්ලාදේශ බැංකු අධිපති අබ්දුර් රූෆ් තලුක්ඩර් එම අවස්ථාවේදී හෙළි කළේ ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාව තවත් මාස හයක් ඉල්ලා සිටි බවයි.

ශ්‍රී ලංකාව එහි පළමු වාරිකය මේ වසරේ අගෝස්තු මාසය වන විටත් තවත් වාරිකයක් සැප්තැම්බර් මාසය වන විටත් ලබා දීමට එකඟ වී ඇති බව තලුක්දර් තවදුරටත් විස්තර කළේය.

1948 නිදහසෙන් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණයක යෙදී සිටී.

එකඟ වූ පරිදි ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ඩොලර් මිලියන 200 ක ණය මුදල මේ වසරේදී පියවන බවට ආචාර්ය වීරසිංහ මහතා අද සහතික විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *