සැකකරුවෙක් අත්විලංගු සමග රෝහලින් පැන යයි

අත්අතනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් භාරයේ වතුපිටිවල රෝහලට ඇතුළත් කළ සැකකරුවකු අත්විලංගු සමග බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පැනගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවෙන් මිදී පැන ගොස් ඇත්තේ කහටෝවිට, කුරුවලාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රදවා සිටි සැකකරුවකු නඩු කටයුතු පවත්වන අවස්ථාවේදී හදිසියේ අසනීපවීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් බාරයේ වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.

පසුව සැකකරු හදිසි ප්‍රතිකාර අංශයේ ට්‍රොලියක් මත සිටියදී අත්විලංගු සමග බන්ධනාගාර නිලධාරින්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකකරු අත්අඩංගුවට ගැනීම සදහා නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *